Saturday, May 16, 2020

යාපනය අවට ඇති දූපත්

යාපනය අවට ඇති දූපත් සමූහය දිවයින් උතුර හා දිවයින් දකුණ යනුවෙන් කොට්‌ඨාස දෙකකට අයත් වී තිබුණි. ඒ අනුව කයිට්ස් , කරෙයිතිවු, එලුවයිතිවු, අනෙලයිතිවු දිවයින් උතුර කොට්‌ඨාසයටත් පුන්කුඩතිවු, මණ්ඩතිවු, නයිනතිවු, ඩෙල්ෆ්ට් දිවයින් දකුණ කොට්‌ඨාසයටත් අයත් විය.

කච්චතිවු දූපතේ අයිතිය හිමි වීමෙන් පසුව ඩෙල්ෆ්ට් වෙනමම කොට්‌ඨාසයක් ලෙස වෙන් විය.

ඉන්පසු 1970 දශකයේ අගභාගයේදී සිදු කළ සීමා නීර්ණය නිසා මෙතෙක් දිවයින් උතුර කොට්‌ඨාසයට සම්පූර්ණයෙන් ම අයත් ව තිබූ කයිට්ස් දූපතෙන් කොටසක් දිවයින් දකුණ කොට්‌ඨාසයට අයත් විය. ඒ අනුව කයිට්ස් දූපත කොට්‌ඨාස දෙක අතර බෙදුණි.

දිවයින් උතුර කොට්‌ඨාසය කයිට්ස් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලෙසත් දිවයින් දකුණ කොට්‌ඨාසය වේලනේයි ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය ලෙසත් හැඳින්වුණි.

කයිට්ස් හා වේලනේයි ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස අතර කයිට්ස් දූපතේ ගොඩබිම් මායිමක් ඇති බැවින් ගොඩබිම් මායිමක් නොමැති එකම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බවට ඩෙල්ෆ්ට් පත්විය.

නමුත් 2003 වර්ෂයේ දී එතෙක් කයිට්ස් ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් ව තිබූ කරෙයිතිවු දූපත වෙනම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයක් ලෙස ස්ථාපිත වූ හෙයින් ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය විසින් එතෙක් දැරූ විශේෂත්වය එනම් ගොඩබිම් මායිමක් නොමැති එකම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යන්න අහිමිවිය


No comments:

Post a Comment