ශ්‍රී ලංකාවේ මාර්ග අංක පද්ධතිය තුළ 21 අංකය යටතේ වූයේ කොළඹ සිට වලපනේ දක්වා වූ මාර්ගයයි. එය කොළඹ සිට කෑගල්ල මහනුවර හඟුරන්කෙත රිකිල්ලගස්කඩ පදියපැලැල්ල හරහා වලපනේ දක්වා විය.
මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය සිදු කරන
සමය වන විට මහවැලි ගඟෙන් දකුණු ඉවුරු ප්‍රදෙශයේ වූ වලපනේ ආදි ප්‍රදේශවල අය
සඳහා 21 කොළඹ වලපනේ මාර්ගය පැවති අතර මහවැලි ගඟෙන් වම් ඉවුරු ප්‍රදේශයේ
වූ මිනිපේ ආදි ප්‍රදේශවල අය සඳහා 36
මිනිපේ-මහනුවර ( හසලක හරහා ) මාර්ගය පැවතියේය.
මහවැලි ව්‍යාපෘතියට සමගාමීව කන්දෙ
හන්දියේ සිට ලොග්ගල්ඔය දක්වා මාර්ගය පුළුල් කරන ලද අතර අංක 21 අංකය යටතේ ම වලපනේ කොළඹ නව සේවාවක් ආරම්භ කෙරිණි.
ඒ අධිකාරිගම හරහා ය.
රන්දෙනිගල මාර්ගය සාදා නිම කළායින් පසු ව මහනුවර හා බදුල්ල අතර කෙටි මාර්ගයක් ඇති විය. එය පැවති අංක 47 නුවරඑළිය හරහා මාර්ගය හා අංක 65 මහියංගණය හරහා මාර්ගයට වඩා කෙටි මාර්ගයක් වූ බැවින් එම මාර්ගය ඔස්‍සේ මගී ප්‍රවාහන සේවාවන් සිදු කිරීමට අවශ්‍ය විය.
ඒ අනුව 1996 දී අංක 62-2325 දරණ බදුල්ල ඩිපෝවට අයත් බස් රථය මහනුවර බදුල්ල රන්දෙණිගල හරහා මාර්ගයේ මංගල ගමන ධාවනය විය.
නව මාර්ගය සඳහා මාර්ග අංකයක් හඳුන්වා දිය යුතු විය. බදුල්ල හා මහනුවර යන ප්‍රධාන නගර දෙක යා කරන සේවාවක් වූ බැවින් ප්‍රධාන අංකයක් ලබා දිමට පාලනාධිකාරිය කතිකා කරගත්හ. නමුත් ඒ වන විට අංක 1 සිට 99 දක්වා අංක සියල්ල ම වෙන් කර තිබූ හෙයින් විකල්පයක් කරා යාමට සිදුවිය.
ඒ අනුව නව මාර්ගයේ හා සමපාත වන එකම මාර්ග අංකය 21 වූ බැවින් මහනුවර බදුල්ල මාර්ගයත් 21 ලෙස හැඳින්වීමට කටයුතු යෙදිණි
No comments:
Post a Comment