1) වර්තමාන ඌව පළාතට අයත් බදුල්ල දිස්ත්‍රික්කයට
අයත් අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා සැසදීමේදී මහියංගණය ප්‍රාදේශීය ලේකම්
කොට්ඨාසය දේශගුණය හා භූවිෂමතාව අතින් වෙනස් ස්වරූපයක් ගනියි.
2) මහියංගණයේ භූ විෂමතාව හා දේශගුණය සමාන
වන්නේ ඊට යාබද ව පිහිටි මහඔය හා පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල භූ විෂමතාව
හා දේශගුණයටය.
3) නමුත් මහඔය හා පදියතලාව ප්‍රාදේශීය ලේකම්
කොට්ඨාස අයත් වන්නේ වර්තමාන අම්පාර දිස්ත්‍රික්කයටය.
4) මහනුවර යුගය වන විට වර්තමාන මහියංගණය,
රිදීමාලියද්ද, මහඔය, දෙහිඅත්තකණ්ඩිය හා පදියතලාව ප්‍රාදේශීය
ලේකම් කොට්ඨාස ආශ්‍රිත ප්‍රදේශ අයත් වූයේ බින්තැන්න දිසාවටය.
5) වර්තමාන බදුල්ල දිස්ත්‍රික්කයට අයත්
මීගහකිවුල,හල්දුම්මුල්ල, බදුල්ල, පස්සර, හාලිඇල, ලුණුගල, ඌවපරණගම, ඇල්ල, වැලිමඩ, හපුතලේ, බණ්ඩාරවෙල, සොරණාතොට, කන්දකැටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
ආශ්‍රිත ප්‍රදේශ අයත් වූයේ ඌව දිසාවටය. ඒ ඔය පළාත කෝරළය, කඳපොල කෝරළය, රඹුක්පොත කෝරළය, රිල්පොල කෝරළය,දෙහිවිනිපළාත කෝරළය, බෝගොඩ
කෝරළය, දඹවිනි පත්තුව යනාදි වශයෙන් වූ කෝරළ හා
පත්තු ඇතුලත්වය.
6) මහඔය, දෙහිඅත්තකණ්ඩිය හා පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශ්‍රිත ප්‍රදේශ
හැර මහනුවර රජවාසලින් පාලනය වූ වර්තමාන අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කොටස් දෙකකට
අයත් ව තිබුණි.
7) ඒ අනුව උහන, දමන , අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශ්‍රිත
ප්‍රදේශ වැව්ගම් පත්තුවටත් පොතුවිල් , ලාහුගල
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශ්‍රිත ප්‍රදේශ පානම් පත්තුවටත් අයිති විය.
8) සුද්දා විසින් 1886 ඌව පළාත නිර්මාණය කර බින්තැන්න ඌව නැගෙනහිර
පළාත් දෙක අතර බෙදන ලදි. ඒ අනුව මාදුරුඔයෙන් බටහිර පෙදෙස ඌව පළාතටද මාදුරුඔයෙන්
නැගෙනහිර කොටස නැඅගෙනහිර පළාතට ද අයත් විය. එහි ප්‍රතිළුලයක් ලෙස බින්තැන්න දිසාව
සිතියමෙන් මැකී ගියේය.
No comments:
Post a Comment