කොළඹ දිස්ත්‍රික්කයට අයත් නුගේගොඩ ප්‍රදේශය
යනු මුළු බස්නාහිර පළාතේම සමහරවිට මුළු ලංකාවේ ම ව්‍යාකූල ම පරිපාලන මායිම් ඇති ප්‍රදේශයයි.
නුගේගොඩ ප්‍රදේශය ජයවර්ධනපුර කෝට්ටේ හා මහරගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකටම
අයත් වේ. ඒ වගේම එය මහරගම හා කෝට්ටේ යන ඡන්ද බල ප්‍රදේශ දෙකට ම අයත් වේ. පළාත්
පාලන ආයතන වශයෙන් ගත් කළ හයිලෙවල් මාර්ගයේ අනුලා විද්‍යාලයෙන් බටහිර කොටස කොළඹ මහ
නගර සභාවටද හයිලෙවල් මාර්ගයේ අනුලා විද්‍යාලයේ සිට ඒකනායක දක්වා හා එස් ද එස්
ජයසිංහ මාවත හා ස්ටැන්ලි තිලකරත්න මාවතේ සමුද්‍ර දේවි මාවතට හැරෙන හන්දිය දක්වා
කොටස දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවටද ස්ටැන්ලි තිලකරත්න මාවතේ සමුද්‍ර දේවි මාවතට
හැරෙන හන්දියෙන් උතුරු කොටස හා හයිලෙවල් මාර්ගයේ ඒකනායක සිට විජේරාම දක්වා
ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවටද හයිලෙවල් මාර්ගයේ විජේරාම සිට නැගෙනහිර කොටස
මහරගම නගර සභාවටද අයත් වේ. නුගේගොඩ ප්‍රදේශය බහුතරයක් මිරිහාන පොලිස් වසම අයත් වන
අතර වයඹ දිග ප්‍රදේශය වැලිකඩ පොලිස් වසමටත් නැගෙනහිර ප්‍රදේශය මහරගම පොලිස් වසමටත්
බටහිර ප්‍රදේශය කිරුලපන පොලිස් වසමටත් කුඩා භූමි ප්‍රමාණයන් අයත් වේ. නුගේගොඩ අයත්
වන්නේ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණ කලාපයටයි. නුගේගොඩ අයත්වන්නේ ජයවර්ධනපුර
කෝට්ටේ අධ්‍යාපන කලාපයටයි. අතීතයේදී නුගේගොඩ යනුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්
පැවතිය ද පසුව එය හා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යන දෙක ම එකතු කොට නැවත
තුනට බෙදීමෙන් ජයවර්ධනපුර කෝට්ටේ, මහරගම
හා හෝමාගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුන පිහිටුවා ඇත.නුගේගොඩ ප්‍රදේශයේ ප්‍රධාන
ලංගම ඩිපෝව පිහිටියේ උඩහමුල්ල ප්‍රදේශයේය.
Saturday, May 16, 2020
නුගේගොඩ
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment