Saturday, May 16, 2020

මැද රටට එහෙමයිි

දැනට පවතින මාර්ග අංක පද්ධතිය හුඟාක් ම මධ්‍යම පළාතේ ඒවා.ඒ කාලේ නිර්මාණය කරපු එම අංක පද්ධතියේ හතරෙන් එකක් ම තියෙන්නේ මධ්‍යම පළාතේ නගරයක් ගමනාන්තය වන මාර්ගයක්.

01-මහනුවර-කොළඹ

08-මාතලේ-කොළඹ

09-තෙල්දෙණිය-කොළඹ

10-කතරගම-මහනුවර

14-මොණරාගල-මහනුවර

16 නාවලපිටිය-කොළඹ

17 පානදුර-මහනුවර

18 බගවන්තලාව-කොළඹ

19 පුන්ඩලුඔය-කොළඹ

20 මඩකලපුව-මහනුවර(මහියංගණ,මහඔය හරහා)

21 වලපනේ-කොළඹ

23 මස්කෙළිය - කොළඹ

36 මිනිපේ-මහනුවර ( හසලක හරහා )

41 නාවලපිටිය කදුරුවෙල

42 ගම්පොළ අනුරාධපුර( එප්පාවල හරහා )

43 යාපනය මහනුවර ( මරදන්කඩවල හරහා )

44 අම්පාර මහනුවර

45 ත්‍රීකුණාමලය මහනුවර

47 බදුල්ල මහනුවර ( නුවරඑළිය හරහා )

51 පුන්ඩලුඔය පුල්ලීයාර්

52 මහනුවර - මැදිරිගිරිය

65 බදුල්ල මහනුවර ( මහියංගණය හරහා )

69 රත්නපුර මහනුවර

70 කතරගම හැටන් ( වැල්ලවාය , බලංගොඩ හරහා )

77 අම්පාර මස්කෙළිය

78 නාවලපිටිය කොළඹ

79 නුවරඑළිය කොළඹ

80 නුවරඑළිය මඩකලපුව

ඒ වගේම

01-මහනුවර-කොළඹ

08-මාතලේ-කොළඹ

09-තෙල්දෙණිය-කොළඹ

16 නාවලපිටිය-කොළඹ

19 පුන්ඩලුඔය-කොළඹ

21 වලපනේ-කොළඹ

78 නාවලපිටිය කොළඹ

කියලා මහනුවර හා ඒ අවට සිට කොළඹ යන බස් වලට මාර්ග අංක ආවාට

48-2 කොළඹ දියසෙන්පුර

48-4 කොළඹ මැදිරිගිරිය

48-15 කොළඹ සුංගාවිල

48-16 කොළඹ මාදුරුඔය

48-17 කොළඔ වැලිකන්ද

48-20 කොළඔ අඹගස්වැව

කියලා තමයි පොළොන්නරුවේ අවට සිට කොළඹට බස් යන්නේ

AA001 නිසා මහනුවරට මුල් තැන ලැබුවා කියලා හිතුවට AA002 වුණ ගාලුපාරට දෙවෙනි තැන නැහැ.

2 කොළඹ මාතර

2-1 කොළඹ ගාල්ල

2-3 කොළඹ අම්බලන්ගොඩ

2-4 කොළඹ යටියන

2-6 කොළඹ දෙයියන්දර

2-12 කොළඹ කිරින්ද

2/13 කොළඹ මාවරල

2/368 කොළඹ ඌරුබොක්ක

2/393 කොළඹ යක්කලමුල්ල

මහනුවර ඉඳන් කිලෝමීටර් 29ක් දුරින් තියෙන තෙල්දෙණියට අංක 09 කියලා අංකයක් වෙන් වෙද්දි පොළොන්නරුව ඉඳන් කිලෝමීටර් 52ක් දුරින් තියෙන මාදුරුඔය බස් එක 48-16

මාර්ග අංක 41 මහනුවර කඳුරුවෙල හා මාර්ග අංක 52 මහනුවර මැදිරිගිරිය යන මාර්ග දෙකම මහනුවර සිට මින්නේරිය දක්වා කිලෝමීටර් 121 ක් ම යන්‍නේ එකටය. අංක 41 මාර්ගය මින්නේරියේ සිට කිලෝමීටර් 24ක් හා අංක 52 මාර්ගය මින්නේරියේ සිට කිලෝමීටර් 21 ක් වෙන් වෙන් ම ගමන් කරයි. මහනුවර සිට කදුරුවෙල ට එක අංකයකුත් (41), මැදිරිගිරියට එක අංකයකුත් (52) දුන්නාට කොළඹ සිට කදුරුවෙල ගියත් මැදිරිගිරිය ගියත් 48ය. කිලෝමීටර් විසි ගාණකට අංකයක් වෙන් කර ඇත.

මාර්ග අංක 42 එප්පාවල හරහා සහ 43 මරදන්කඩවල හරහා ද එසේම ය. ඒ කොයි පාරෙන් ගියත් අනුරාධපුර කොළඹ 15ය.


No comments:

Post a Comment