Saturday, May 16, 2020

මහියංගණේ

ලංකාවේ මාර්ග අංක පද්ධතිය තුළ මල විකාර කර පටලාගෙන ඇති මාර්ග අංක පවතින්නේ මහියංගණය ආශ්‍රිත ප්‍රදේශයේය. 21,22,36,37,38,68,218 මෙසේ පැටලුම් සහිත මාර්ග අංකයන් ය.22 යනු කොළඹ සිට මහනුවර දහඅට වංගුව මහියංගණය මහඔය හරහා අම්පාර පාරයි.38 යනු කොළඹ සිට කොළඹ සිට මහනුවර මහියංගණය බිබිල හරහා අම්පාර පාරයි.බිබිල ඒ කියන්නෙ 38 පාර යන්නේ මහියංගණයෙන් දකුණට හැරිලාය. නමුත් මහියංගණයෙන් වමට හැරී දෙහිඅත්තකණ්ඩිය යන කොළඹ බස් එකේ ඇත්තේ 38ය. මහියංගණය දෙහිඅත්තකණ්ඩිය යනු මාර්ග අංක 218 වන අතර එය අංක 68 පොළොන්නරුව මොණරාගල මාර්ගයේ කොටසකි.මාර්ග අංක 21 කොළඹ වලපනේ වුවද දැන් මහනුවර රන්දෙනිගල හරහා බදුල්ල මාර්ගයද 21 භාවිතා කරයි. එනමුත් මහනුවර රන්දෙනිගල හරහා මහියංගණය දක්වා දිවයන මාර්ගය මාර්ග අංක 36 වේ. මාර්ග අංක 38 කොළඹ බිබිල හි මහනුවර සිට බිබිල දක්වා වූ කොටසට අංක 37 ලෙස වෙන ම අංකයක් වේ.

1 ) මාර්ග අංක 36 මහියංගණය අන්තය බදුල්ල ලෙස සංශෝධනය කර එය මහනුවර - බදුල්ල 21 වෙනුවට යෙදිය හැකිය. එවිට 21 සඳහා වලපනේ-කොළඹ හා මහනුවර- බදුල්ල අතර අවුල විසඳෙනු ඇත.

2) මහියංගණයෙන් බිබිල දෙසට හරවන බස් සඳහා මාර්ග අංක 38 ද දෙහිඅත්තකණ්ඩිය දෙසට හරවන බස් සඳහා මාර්ග අංක 37 ද යොදාගත හැකිය . ඒ මාර්ග අංක 37 දැනට භාවිතා නොකරන නිසාත් භාවිතා කළත් එය 38-1 මාර්ගයට 100% ක් සමපාත වන නිසාත් ය.

සුපුරුදු පරිදි මහියංගණය සිට මහඔය හරහා අම්පාර දෙසට යන මාර්ගය 22 වේ. මහඔය හැටනමේ හන්දියේ සිට මඩකලපුව දෙසට යන මාර්ගය අංක 20මඩකලපුව-මහනුවර වේ.


No comments:

Post a Comment